විවාහක යුවළකගේ එකම ප්‍රාර්ථනය වනුයේ නිරෝගී දරුවන් බිහි කිරීමයි. නමුත් අද වන විට සමාජයේ බොහෝ දෙනකුට ඇති විශාලම ගැටලුව වන්නේ දරුපල ප්‍රමාදය සහ දරුවන් නොලැබී යෑමයි. එය විවාහක යුවළකට, පවුලට මෙන්ම සමාජයටද ගැටලුවකි. දරුවන් යනු ජාන ප්රවාහකයන්ය. මවුපිය පරම්පරාව තවදුරටත් ඉදිරියට රැගෙන යනුයේ ඔවුන්ය. දරුවන් නොමැති වීම යනු ජාන ප්‍රවාහනය නැති වී පරම්පරාවක පැවැතීම පිළිබඳ ගැටලු ඇතිවීමයි.
භෞතික හා ශාරීරික හේතු
අධ්‍යාපනය හදාරා, රැකියාවක් කොට නව නිවෙසක් ගොඩනංවා විවාහ වන කාලය අතරතුර දෙදෙනා වියපත් වීම. එනිසාම සරු බව, කාලය ඉක්ම යෑම
විවාහ වූ අය විවිධ හේතූ මත දරු උපත් කල් දැමීම
එසේ උපත් පාලනය සඳහා භාවිත කරන ඔෟෂධ, උපකරණ හා එන්නත්
ගබ්සා කිරීම
භෞතික හා ශාරීරික හේතු
වෙනත් අසනීප සඳහා දීර්ඝකාලීනව ගන්නා ඔෟෂධ
මානසික පීඩනය