herpes simplex

මෙම රෝගය ඇති කරන්නේ "herpes simplex" ලෙස හදුන්වන වෛරසය මගිනි. ප්‍රධාන වශයෙන් මෙම වෛරස් වර්ග 2ක් ඇති අතර, එයින් HSV-1 මගින්
කටේ, උගුරේ, මුහුණේ හා ඇස් වල හර්පිස් තත්වය ඇති වීමට බලපායි. HSV-2 මගින් ලිංග අශ්‍රිතව හර්පිස් ඇති කරයි, නමුත් මෙම වෛරස දෙකෙන්ම ශරීරයේ ඕනෑම ස්ථානයක හර්පිස් ඇති කිරීමටත් හැකියාව ඇත.



චීන කටු

ශරීරයේ නිල උත්තේජනය කිරීම මගින් ප්‍රතිකාර  කරන අතුරු අබාධ නැති  ප්‍රතිකාර ක්‍රමයකි 




මෙම චිකිත්සාව පිළිබඳ තොරතුරු ඇතුළත් මුල්ම ග්‍රන්ථය "හූවංදි නෙයි ජින්" ලෙස හඳුන්වන අතර එය ක්‍රි.පූ. 475, ක්‍රි.ව. 23 අතර කාලයේදී රචනා කරන ලදි. 6 වැනි ශත වර්ෂයේදී මෙම වෛද්‍ය ශාස්‌ත්‍රය ජපානය, අරාබිය ආදී රටවලට සහ යුරෝපයට ද පැතිරී ගියේය. දැනට රටවල් හතළිහක පමණ චීන කටු චිකිත්සාව ප්‍රචලිතව ඇත.

චීන වෛද්‍ය ශාස්‌ත්‍රය අනුව මිනිස්‌ සිරුර සැකසී ඇත්තේ රුධිරය හා ජීව වායුව සංසරණය කෙරෙන ප්‍රධාන නාලවලින් හා යම් පාර්ශ්වික නාලවලින් සමන්විත නාල පද්ධතියක්‌ මගින්ය. මෙම නාල ශරීරය අභ්‍යන්තරයෙහි වූ ඉන්ද්‍රියයකට හෝ ඉන්ද්‍රියයන් ගණනාවකට සම්බන්ධව ඇත. සෑම නලයක්‌ම චර්මය සංවේදනීය ඉන්ද්‍රියයන් හා අත් පා සමගද සම්බන්ධය.

හොමියෝපති

හොමියෝපති  යනු  ලොව ප්‍රථම අතුරු අබාධ  නැති  ප්‍රතිකාර ක්‍රමයකි  




මානසික රෝග


මොකද්ද මේ විෂාද රෝගය?


අවිචාරශීලී මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට “නුඹට පිස්සුදැ” යි අපෙන් කෙනෙකු අසනු ඇත. මේ අනුව ‘පිස්සුව’ යනු අවිචාරශීලී මෝඩකම යි. මෙය අප හැම තුළම ‍විටෙක දක්නට ඇත. නමුත් මානසික රෝග යනු වෙනත් එකකි. ඇත්තටම එකක් නොව මානසික රෝග රාශියක් ඇත. සමහරක් නැවත නැවත ඇතිවන රෝග වන අතර සමහරක් එසේ නොමැති ඒවා ය. මේ වෑයම ඉන් එකක් වන විශාදය ගැන ඔබට යමක් කීම යි.      
ප්‍රශ්‍ණ සහ අවාසනාවන්ත සිදුවීම් යනු මිනිස් ජීවිතයේ කොටසකි. සෑම කෙනෙකුටම අසතුටු දායක සිදුවීම් වලට මුහුණ දීමට සිදු වන අතර, තාවකාලික වශයෙන් දුක් මුසු භාවයට පත් විය හැක. ජිවිතයේ මුහුණ දීමට සිදුවන පැරදීම් වලදී මිනිසුන් තාවකාලික වශයෙන් තමාටම දොස් කියා ගැනීම, දුක්මුසු භාවයක් හෝ හිස් බවක් දැනීම ස්වභාවිකය. එම හැඟීම් ටික කාලයකදි මඟ හැරියයි.  නමුත් විශාදය නමැති රෝග තත්වය ඇති වු විට ඉහත දැක්වු ලක්ෂණ ඉතා තදින් හා වැඩි කාලයක් පවතී. මෙවැනි පීඩාකාරි සිතුවිලි ඔහුගේ/ ඇයගේ රැකියාව, පවුල් ජිවිතය හෝ ඉගෙනීම් කටයුතු වලට බාධාවක් වේ. එසේම විශාදය නිසා කෙනෙ‍කුගේ සිතුවිලි හැසිරීම් පමණක් නොව ශාරීරික ක්‍රියාකාරකම් පවා වෙනස් විය හැක.

දරුවන් නොමැතිකම


විවාහක යුවළකගේ එකම ප්‍රාර්ථනය වනුයේ නිරෝගී දරුවන් බිහි කිරීමයි. නමුත් අද වන විට සමාජයේ බොහෝ දෙනකුට ඇති විශාලම ගැටලුව වන්නේ දරුපල ප්‍රමාදය සහ දරුවන් නොලැබී යෑමයි. එය විවාහක යුවළකට, පවුලට මෙන්ම සමාජයටද ගැටලුවකි. දරුවන් යනු ජාන ප්‍රවාහකයන්ය. මවුපිය පරම්පරාව තවදුරටත් ඉදිරියට රැගෙන යනුයේ ඔවුන්ය. දරුවන් නොමැති වීම යනු ජාන ප්‍රවාහනය නැති වී පරම්පරාවක පැවැතීම පිළිබඳ ගැටලු ඇතිවීමයි.

භෞතික හා ශාරීරික හේතු
අධ්‍යාපනය හදාරා, රැකියාවක් කොට නව නිවෙසක් ගොඩනංවා විවාහ වන කාලය අතරතුර දෙදෙනා වියපත් වීම. එනිසාම සරු බව, කාලය ඉක්ම යෑම
විවාහ වූ අය විවිධ හේතූ මත දරු උපත් කල් දැමීම
එසේ උපත් පාලනය සඳහා භාවිත කරන ඔෟෂධ, උපකරණ හා එන්නත්
ගබ්සා කිරීම

භෞතික හා ශාරීරික හේතු
වෙනත් අසනීප සඳහා දීර්ඝකාලීනව ගන්නා ඔෟෂධ
මානසික පීඩනය

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා ප්‍රතිකාර


ආතරයිටිස්


හර්ද රෝග


අධික තරබාරුව


අධික තරබාරුව යනු ශරීරයේ අනවශ්‍ය ලෙස මේදය තෑන්පත් වීමයි. අයහපත් ආහාර රටාවන් සහ ව්‍යායාම වලින් ඈත්වීම මෙන්ම ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීමද අධික තරබාරුවට හේතුවිය හැකිය. අධික මහත සහ උදරය ඉදිරියට නෙරා ඒම අද මුළු ලෝකයේ ම බාල, තරුණ, මහළු බොහෝ දෙනා මුහුණ දෙන ගැටළුවකි. මෙය ඔබේ ශරීරයේ බාහිර පෙනුමට මෙන්ම, හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා, වකුගඩු ආබාධ වැනි විවිධ රෝගබාධ රැසකට අවදානමක් ගෙන දෙයි.

වකු ගඩු ආබාද


කොලෙස්ට්‍රෝල්


දියවැඩියාව


රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම දියවැඩියාවයි. නිතර නිතර මුත්‍රා කිරීම, නිතර නිතර ඇතිවන පිපාසය සහ බඩගින්න, ඇස් පෙනීමේ දුර්වලතා දියවැඩියාවේ රෝග ලක්ෂණ විය හැකියි. හොඳින් ප්‍රතිකාර කොට කල් නොයවා සුව කරගතයුතු රෝගයකි. නැතහොත් හෘද රෝග, වකුගඩු ආබාධ, ඇස් වල පෙනීම නැති වීම වැනි දරුණු අවදානම් තත්ව ඇතිකරවයි.

වායු ගෙඩි


තයිරොයිඩ් ග්‍රන්ථිය යනු ඔබේ ශරීරයේ පැවැත්මට ඉතාම වැදගත් ඉන්ද්‍රියක්. එය පිහිටා ඇත්තේ ඔබේ බෙල්ලේ ඉදිරිපස දෙපැත්තේ. එමගින් ඉතා වැදගත් හෝමෝන වර්ග දෙකක් නිපදවනවා. මෙම හෝමෝන ශරීරය පුරා ලේ සමග එක්වී ගමන් කර ශරීරයේ ඇති ජීව ක්‍රියාවලි පාලනයට උදවු වනවා. හදවත, ස්නායු පද්ධතිය, මාංශ පේශි, ආර්තව චක්‍රය, ශරීර උෂ්ණත්ව පාලනය, ශරීර බර නිසිලෙස පවත්වා ගැනීම සහ මොළයේ ක්‍රියාකාරීත්වයත් පාලනය කිරීමට මෙම හෝමෝනය ඉවහල් වෙනවා. මෙම ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවීම නිසා ශරීරයේ විවිධ ගැටළු ඇතිවිය හැකිය.

ඇදුම සහ පීනස


හුස්ම ගැනීමේ අපහසුතාව, නිතර ඇති වන නාසයේ සිරවීම, සොටු දියර ගැලීම, නාසය බරවීම, කිවිසුම් යාම, හිසේරදය, ඇස් වල හා නාසයේ කැසීම හා ඉදිමුම් ස්වභාවය ඇදුම සහ පීනස වල ඉතාමත් පීඩාකාරී රෝග ලක්ෂණයි. නිසි ප්‍රතිකාර නොමැති වීමෙන් කල්යාමේදී ශ්වසානාබාධ පවා ඇති වීමේ ප්‍රවණතාවයක් ඇත.

පොතුකබර (සොරයිසිස්)

පොතුකබර (සොරයිසිස්) වැළඳී සිටි රෝගියෙකු, ප්‍රතිකාර වලින් පසුව                                                               කිසිම අතුරු ආබාධයක් නොමැතිව ක්‍රමයෙන්     සුව වී ගෙන එන ආකාරය...